Showing posts with label Telephone. Show all posts
Showing posts with label Telephone. Show all posts

Friday, February 18, 2011

කසාද බැඳලා අවුරුදු 25ක්ම ගෙවිල ගියා

ඊ ලියුමක තිබ්බ කතන්දරයක් තමා මේක,


අලුත බැඳපු මනමාල මහත්තයා, තමන්ගෙ බිරිඳෑගෙ ටෙලිෆෝන් අංකය save ගත්තලු "My Life" කියලා
කසාද බැඳලා, අවුරුද්දකට පස්සේ, පොර ඒක වෙනස් කලාලු "My Wife" කියලා
කසාද බැඳලා, අවුරුදු 5 කට පස්සේ, නම තියෙන්නේ "Home" කියලා
කසාද බැඳලා, අවුරුදු 10 කට පස්සේ, නම තියෙන්නේ Hitlerකියලා
රිදී ජුබිලිය, ඒ කියන්නෙ අවුරුදු 25ක් වෙනකොට, නම තියෙන්නේ,"Wrong Number" කියලාලු

කසාද බැඳපු උදවිය එහෙම කියවල බලලා කමෙන්ට් එකක් දාල යන්න බලන්න

ටෙලිපෝනය ගැන මීට අවුරුදු විසි පහකට කලින් කියලා තියෙන කතාවක්


මීට අවුරුදු විස්සකට විතර කලින් තිබුණු පොත් ප්‍රදර්ශනයකදී, අම්මා මට අරගෙන දීපු පොතක්, ගිය සතියෙ ගෙදර ගිය වෙලාවෙ පොත් රාක්කයේ තිබිලා හම්බ උනා.

පොතෙ නම තමයි, අපූරු කතා,
පොත ලියලා තියෙන්නෙ, කර්නෙයි චුකොව්ස්කි.
කට්ටිය කියවල තියෙනවද දන්නෙ නෑ.

ඒකෙ කතන්දර කීපයක් තියෙනවා.
ටෙලිපෝනය,
අවුසද වෙදනා,
කාටත් පාඩමක්,
නැති උනු හිරු,
අවුලක හැටි


ඊයෙ නිවාඩු දවසෙ මම නිකමට වගේ ඕක කියවන්න ගත්තා.
මගේ හිත ගිය කතන්දරය තමා, ටෙලිපෝනය,
කට්ටියම කියවල බලල හිතට එන දෙයක් කියල යන්න.


ටෙලිපෝනය නද දෙන්නේ
හලෝ කියා නද දෙන්නේ
කව්දෝ මා අමතන්නේ?
අලියා මේ දොඩවන්නේ
කොහොමද දැන් වැඩ කටයුතු?
වැඩි වරදක් නෑ කිව යුතු
කොහේද දැන් ඔබ ඉන්නේ?

ඔටුවල, නුග ගස් තැන්නේ
කොයි හරියෙද?, කොතනද තැන?
හිවල් මාවත අංක තුන
මොනවත් ඔබ හට ඕනද?
සූකිරි කැට තියෙනවාද?
පොඩි එකාට තේ වතුරට?
හිතුණා කැටයක් දෙන්නට

රාත්තලක් දෙකක් ඇද්ද?
අපෝ හොණ්ඩර දෙක තුනක් නැද්ද?
එක කටකට සෑහෙන්නට,
ඒ ඇති මගෙ අලි පැටියට

නැවතත් ටෙලිපෝනය නද දෙන්නා
කිඹුලා ගොත ගසමින් පවසන්නා
යාළුවෙ මට පොඩි පහෙ උදව්වක්
කළහොත් එවනව කදිම තෑග්ගක්

මගේ මහගේටයි දුවටයි ගැළපෙන
ලස්සණ සපත්තු ටිකක් එවනවද?

කඩේ තිබුන ඉස්තරම්ම ඒවා
හිය සතියේ මම දුසිමක් එව්වා
සපත්තු දොලහක් දින දෙක තුනකට
ගෙවෙන්නෙ කොහොමද කියා දෙන්න මට

ආ ගිය සතියේ ඔබ එව් ඒවා
හරි සතුටින් අපි ඔක්කොම කෑවා
ආදර මිතුරේ, අප දැන් ඉන්නේ,
සපත්තු කුට්ටම් හීනෙන් දකිමින්

රෑ කෑමට ඒවා බොහොම රහයි
පොඩි එවුනුත් මගෙ හොඳට කැමතියි
රබර් අඩිය ඇති සපත්තු දුසිමක්
එව්වොත් හදනව රස ඇති කෑමක්

අල්ලපු වත්තෙ පොඩි හා පැටියා
මේස් එවන්නැයි ඉල්ලා සිටියා
සත්තු වත්තෙ චිම්පන්සියො දෙන්නා
පොත් දෙකකට ඇණවුම් දුන්නා

බූරු හාමිනේ කත කරනවා,
කන් අඩි පිපිරෙයි කියා හිතෙනවා
යාළුවෙ මොනවට බෙරිහන් දෙනවද
මා බීරෙක් කියලාවත් හිතුවද?

කොච්චර කිව්වත් නෑ තේරෙන්නේ?
බූරු හඞඉන්මයි දොඩවන්නේ
මූ මූ බූ බූ මා මා බා බා
ටෙලිපෝනය මා ආපසු තිබ්බා

නරි වැල් දෙනියේ ගොහොරු මඩිත්තෙන්
කොක් අප්පුයි මේ කතා කරන්නේ
මැඩියන් කාලා මට ඉස්මුරුත්තෙ
බේතක්වත් නැහැ ගන්නට දන්නේ

වතුර කඩිත්තේ හිටගෙන ඉඳලා
පොඩ්ඩට සීතල සන්නිය හැදිලා
අපි දෙන්නම ලෙඩ ඇඳටම වැටිලා
බෙහෙතක් දෙනවද කරුණා කරලා

ඉබි පිහාටු හතරක් අර ගන්නේ
කිඹුල් කඳුලු ගල ගා ගන්නේ
කෝඳුරු තෙල්ගෙන මුසු කර බොන්නේ
ලෙඩ දුක් එක මොහොතින් දුරු වෙන්නේ

වලස් හාමිනේ, මොකද භය වෙලා
කොටි රාළට හිරි වාතය හැදිලා
මම නම් හිතන්නෙ වැස්සට තෙමිලා
නෑ විදුලි ආඳෙකුගෙ වලිගය වැදිලා

එළි වෙනවා, රෑ වෙනවා, ටෙලිපෝනය නද දෙනවා
හලෝ හලෝ, කව්ද? කව්ද? හැම තිස්සෙම දොඩවනවා
ට්‍රිං, ට්‍රිං, ට්ලිං, ට්ලිං, ටෙලිපෝනය නද දෙනවා
එළි වෙනවා, රෑ වෙනවා, අඩ නින්දෙන් ඇහැරෙනවා
රෑ තිස්සෙම නින්ද නැතිව එළි වෙනතුරු දොඩවනවා
ටෙලිපෝනයෙ සීනු හඞන් මුලු දවසෙම ට්‍රිං, ට්‍රිං,ට්‍රිං, ට්‍රිං,

දවස් තුනක් මේ විදියට ගෙවුනා,
නින්ද නැතිව ඇස් රත් පැහැ ගැනුනා


මතක තියා ගන්න ඕන දේ වෙන්නෙ, ඔය අපූරු කතන්දර ලියලා තියෙන්නෙ අඩුම ගණනෙ මීට අවුරුදු විසි පහකට වත් කලින්. ඒකාලෙත්, ටෙලිපෝන් නිසා තිබුනු කරදර ඔහොම නම්, ජංගම ටෙලිපෝන් තියෙන දැන් කාලෙ ගැන කවර කතාද?